cross menu bar

Saturday, January 16, 2016

ලොව වැඩිම දෙනෙක් නැරඹූ ඡායාරූපය..

මෙම ඡායාරූපය ඔබ දැක ඇතුවාට කිසිම සැකයක් නැත, මේ ඡායාරූපය ගනු ලැබුවේ ලෝකප්‍රකට ඡායාරූප ශිල්පියෙකු වන Charles O'Rear විසිනි.


නමුත් ඔබ මෙම ඡායාරූපයේ අතීතය පිළිබඳව දන්නවාද. මේ ලිපිය මගින් ඔබට ඒ පිළිබඳව යම් තරමක දැනුමක් ලබා ගත හැකි වේයැයි මම සිතමි.

1996 ජනවාරි මාසයේ, මොහු කැලිෆෝනියාවේ නාපා(Napa) සහ සොනොමා(Sonoma) අතර රිය පදවාගෙන යමින් සිටියදී, ඔහු මෙම කොල පැහැති තණ පිටියකින් සහ නිල් පැහැති අහසකින් යුත් මෙම ඡායාරූපය තම කැමරාවට හසු කරගෙන තිබේ.
මේ සදහා යොදාගෙන ඇත්තේ අතේ ගෙන යා හැකි මධ්‍යම ප්‍රමාණයේ Mamiya RZ67 වර්ගයේ කැමරාවකි.

Microsoft සමාගම ඔවුන්ගේ නවතම මෙහෙයුම් පද්ධතිය වන Windows XP සදහා මොහුගේ මෙම ඡායාරූපය 2001 වර්ෂයේ යොදාගෙන තිබේ.

Microsoft සමාගම මෙම රූපය Bliss යන නමින් නම් කෙරිණි. එය 2001 වර්ෂයේ නිකුත් කෙරූ Windows XP මෙහෙයුම් පද්ධතියේ මුහුණත් ඡායාරූපය ලෙස යොදා තිබුණි.
මෙහෙයුම් පද්ධතියේ ජනප්‍රියත්වය සමඟින් මෙම ඡායාරූපය ඉතිහාසයේ වැඩිම ජනතාවක් නැරඹූ ඡායාරූපය බවට පත් වී තිබේ.

Microsoft සමාගම මෙම ඡායාරූපය යොදා ගැනීම පිළිබඳව අදහස් දක්වා ඇත්තේ මෙලෙසිනි,
"it illustrates the experiences Microsoft strives to provide customers (freedom, possibility, calmness, warmth, etc.)"
"එය Microsoft සමාගම තම පාරිභෝගිකයන් සඳහා සපයන අත්දැකීම් විදහා දැක්වීමට කරනු ලබන උත්සාහයක්"
ලෙසටය.

මෙතුමා පසු කලෙක මාධ්‍ය සාකච්ඡාවකදී පවසා ඇත්තේ, තමන් කෙදිනකවත් තමන් ගනු ලැබූ මෙම ඡායාරූපය ලෝකයේ වැඩිම දෙනෙකු නැරඹූ බවට පත් වේයැයි සිහිනෙන්වත් නොසිතූ බවයි.

මෙහෙයුම් පද්ධතියේ ලන්දේසි ස්oස්කරණයේදී, මෙම ඡායාරූපය Ireland ලෙසට නම් කර තිබේ. මෙය බොහොමයක් දෙනා මෙම ඡායාරූපය ගනු ලැබූ ස්ථානය ලෙස වරදවා වටහාගෙන තිබේ.
මෙම ඡායාරූපය ප්‍රසිද්ධ කිරීමෙන් පසු එහි සැබෑ පිහිටීම ප්‍රසිද්ධ කිරීමට පෙර නොයෙක් දෙනා මෙම ස්ථානය පිළිබඳව විවිධාකාර ලෙස අර්ථ දක්වා ඇත.
ඒ අතරින් මෙය ප්‍රoශයේ, එoගලන්තයේ, ස්විස්ටර්ලන්තයේ,  නවසීලන්තයේ උතුරු ඔටාගෝ ප්‍රාන්තයේ, වයඹ වොෂින්ටනයේ, අයර්ලන්තයේ නිරිතදිග කෙරී ප්‍රාන්තයේ හෝ දකුණුදිග ජර්මනියේ  ඡායාරූපයක් ලෙස බොහෝ දෙනා පවසා තිබේ.


තවත් සමහරක් දක්වා සිටියේ මෙම ඡායාරූපය Adobe Photoshop වැනි මෘදුකාංගක් උපයෝගී කරගෙන, ඡායාරූප කිහිපයක් යොදාගෙන කෘතිමව නිපදවූවක් බවයි.
නමුත් මෙය O'Rear විසින් Microsoft සමාගමට බාරදෙන අවස්ථාවේදී මෙම ඡායාරූපයේ කිසිදු වෙනස් කමක් කර නොතිබිණි.

Microsoft සමාගම විසින් මෙම ඡායාරූපයේ වම් පසින් ප්‍රමාණය පොඩ්ඩක් වෙනස් කර කඳුවැටිය සදහා දීප්තිමත් කොල පැහැයක් එක් කර තිබේ.
Microsoft සමාගමේ ඩොලර් මිලියන 200ක් වූ  Windows XP මෙහෙයුම් පද්ධතිය ප්‍රචාරක ව්‍යාපාරයේදී මෙම ඡායාරූපය සඳහා විශේෂ අවධානයක් යොමු වී ඇත.

No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...