cross menu bar

Wednesday, February 24, 2016

cmd එකෙන් Folders හoගමු..


මේකනම් මෘදුකාංග වලින් කරන එකක් නෙමෙයි. දන්න අයත් ඇති.. නොදන්න අයත් ඇතිනේ..
අපි පරිගනකයේ සාමන්‍ය විදියට folder එකක් hide කරාට show කරපු ගමන් සේරම එලියෙනේ.. ඉතින් කොහොමද වටින කියන දෙයක් හoගලා තියන්නේ!! :-)
අපි බලමු කොහොමද show කරත් පෙන්නන්නේ නැති වෙන්න folder එකක් හoගන්නේ කියලා.


මේක හරිම සරල වැඩක්.

  • මුලින්ම cmd එකක් Administrator open කර ගන්න. (search bar එකේ cmd කියලා ගහල search කරලා, right click කරල Run as administrator කියන එක දෙන්න.)

  • දැන් ඒක එහෙමම තියෙද්දී ඔයාලට හoගන්න ඕනේ folder එක open කර ගන්න.
මම හoගන්න යන්නෙ මගෙ මේ Films කියන folder එක.



  • ඒක open කරලා ඒකේ path එක copy කර ගන්න.
  • දැන් අර අපි කලින් open කර ගත්ත cmd එක අරගෙන මේ code එක ගහල enter ඔබන්න. මම E:\Films කියල highlight කරල තියෙන තැනට ඔයාල දෙන්න ඔනේ ඔයාලාගේ folder එකේ පාත් එක.
attrib +s +h E:\Films

  • දැන් folder එක තිබුන තැනට ගිහින් බලන්න ඒක නැති වෙලා ඇති.!!
  • දැන් ඕනෙනම් hidden files show කරලත් බලන්න පෙන්නනවද කියලා.

  • දැන් වැඩේ හරි.. හරි උනාට කොහොමද දැන් මේ හoගපු එක ආපහු ගන්නේ!!:ඒකත් ලේසි වැඩක්.
  • කලින් විදියටම cmd එකක් administrator open කරගෙන මේ code එක ගහල enter කරන්න. E:\films කියල highlight කරල තියෙන තැනට ඔයාල දෙන්න ඔනේ ඔයාලාගේ folder එකේ පාත් එක.
attrib -s -h E:\Films

  • දැන් folder එක තිබුන තැනට ගිහින් බලන්න. දැන් ඒ folder එක අවිත් ඇති! 
  • යම් විදියකට folder එක show වෙලා තිබුනේ නැතිනම් show hidden files කියන එකට ටික් මාක් එකක් දාල බලන්න.
  • දැන් මේ විදියේ තියෙන ලොකු අවුලක් තමයි අපි මේ විදියට හoගපු file එකක පාත් එක අමතක උනොතින් මොකද කරන්නේ!!!
ඒකටත් විසදුමක් තියෙනවා. this pc/ my computer open කරලා, Folder options අරගන්න. (Contol panel එකේ folder options කියලා search කරන්න.)
  • මේක open කරාම එන folder options වල View කියන එකේ ඇති "Hide protected operating system files" කියලා එකක්, ඒකෙ තියෙන ටික් මාක් එක අයින් කරල Apply කරන්න. 

  • දැන් ඔයාලා ඉහල විදියට හoගපු files පෙනෙයි.. මේ විදියට අපිට කොහෙ හoගලා තිබුනත් බලා ගන්න පුළුවනි.
  •  folder options වල ටික් මාක් එක අයින් කරල hidden items show කරාම මේ වගේ files වගයක් පෙන්වයි. මොකද ඒවා හැoගිලා තියෙන OS files නිසා. :-) ඒ නිසා virus එකක් එහෙම කියලා බය වෙන්න එපා :-D,  "Hide protected operating system files" කියන එකට ආපහු ටික් එකක් දාපුවම මේවා නැතුව යාවි.
  • මේ විදියට ඔයාලට මෘදුකාංග අරව මේවා මුකුත් නැතුව ලේසියෙන්ම ඔයාලට ඕනා කරන folders කාටවත් හොයා ගන්න බැරි වෙන්න hide කර ගන්න පුළුවනි.. 
  • මොකක් හරි ගැටළුවක් ආවොතින් msg එකක් දාන්න... :-) ජය වේවා..

No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...